2019 කඨින මහා පින්කමට සමගාමීව සිදුකෙරෙන කඨින මහා පෙරහැර සූදානම් කරගැනීම අරමුණු කරගෙන සකස් කිරීමට නියමිත පෙරහැර අලංකරන සංකේත හා එය පිළියෙල කරන ආකාරය.

මෙවර කඨින මහා චීවර පූජාව පැවැත්වෙන්නේ ඔක්තෝබර 20 වන ඉරිදා දිනය වන අතර කඨින චීවර පූජාව සිදු කිරීමට මත්තෙන් කඨින පෙරහැරක් ද සිදුකිරීම අපගේ සංස්කෘතික අංගයකි. සුපුරුදු පරිදි මෙවර කඨින පෙරහැර සදහා ද දහම් පාසැල් දූ දරුවන් ඇතුලු සියලු පින්වතුන් සහභාගි වීම සිදුවේ. ඒම පෙරහැර වඩාත් දර්ශනීය කරගැනීම සදහා අප විසින් සාකච්ඡා කළ පරිදි අලංකරන දෑ පිළියෙල කරගත යුතු ආකාරය පහත දක්වා ඇත. ඔබ ගෙදර දී මෙය පිළියෙළ කරන විට තම දුවා දරුවන් ද ඒකතු කරගැනීමට අමතක නොකරන්න. එය ඉතා වටිනා මෙන්ම විනෝදජනක කාර්යකි.

පිළියෙල කරගත යුතු සංකේත

මෙහි බෞද්ධ සංකේත 5ක් දක්වා ඇති අතර ඒ්වා පහත තිබෙන රූපරාමු නිදර්ශනයට ගෙන සාදාගත හැකිය.

  • ධර්ම චක්රය

දිග සහ පළල- 17 Inch

  • නෙලුම් මල

උස - 15.5 Inch

පළල - 21 Inch

  • බෝ කොළය

දිග - 24 Inch (2 Feet)

පළල - 16 Inch

  • චෛත්‍යය

උස - 23 Inch

පළල - 18 Inch

  • බෝධි වෘක්ෂය

උස - 29 Inch

පළල - 14 - 16 Inch

මුද්රණය කරගත හැකි ආදර්ශ සංකේත පහත බාගත කරගත හැකිය.

Please dwnload the PDF file below which includes the printable symbols.

 

ආදර්ශ සංකේත

මෙය පී.ඩී.ඒඵ් ඵයිල් ඒකකි.
569.09 KB Download

ඔක්තෝබර් 06 වන ඉරිදා දින පස්වරු 2:00 සිට 5:00 දක්වා

 

මෙම අලංකරන වස්තූන් සූදානම් කරගැනීමට මෙම ඔක්තොබර් මස එලඹෙන ඉරිදා දින ඒනම් 06/10/2019 දින  සවස 2:00 සිට සවස 5:00 දක්වා අපගේ විහාරස්ථානයේ දී  පින්වත් ඔබ කාටත් දායක විය හැකි අවකාශයක් සූදානම් කොට ඇති අතර මෙයට පැමිණ ඔබගේ කාරුණික සහයෝගය ලබාදෙන මෙන් ඉල්ලා සිටිමු.

මෙය නිර්මාණය කරගැනීමට යොදාගත හැකි දෑ

ඉහත දක්වා ඇති රූප වල තිබෙන සංකේතයන් නිර්මාණය කොට ඇත්තේ කාඩ්බෝඩ් වලිනි. ඔබටත් මෙය සොයාගත හැකි වන්නේ නම් එය සාදාගත හැකි අතර එසේ නොමැති විට වෙනත් අයුරින් රිජි‌ඵෝම් (Rigifoam) බෝඩ් වල හෝ එය සූදානම් කරගත හැක. ඉහත රූපරාමුවල ඇති වස්තුවල සාමාන්‍ය දිග අඩි 1ත් 1.5ත් අතර වේ.

සංකේත උස/දිග පළල
ධර්ම චක්රය 17 Inch 17 Inch  
නෙලුම් මල 21 Inch 15.5 Inch  
බෝ කොළය 24 Inch 16 Inch  
චෛත්‍යය  23 Inch 18 Inch  
බෝධි වෘක්ෂය 29 Inch 16 Inch  
  • පළමුව මෙම සංකේතවල හැඩයට සමානව අදාළ කාඩ්බ‌ොඩ් හෝ වෙනත් බෝඩ් වල ඉරි ඇදගත යුතු වේ.
  • දෙවනුව කාඩ්බෝඩ් කපා පිළියෙල කරගැනීම ඉතා ප්රවේශමින් කළයුතු වේ. ඒ සදහා පේපර් කටර් වැනි ආයුධ භාවිතා කළ හැකිය. මෙම කාර්යය සදහා කදිම ආයුධ පෙට්ටියක නිදසුනක් පහත බලාගන්න.
  • තෙවනුව අවශ්‍ය වන්නේ ඒය පාට කරගැනීමයි. පාට මිශ්රණය ඉහත රූපරාමුවල මිශ්රණයට සමාන වන ලෙස සකසාගත හැකිය.

සාදාගත් පසු නිමාව

ඇතිවිය හැකි ගැටලු

ගෙදරදී සාදාගන්න බැරි වුණොත්?

එසේ වුවහොත් ඔබට මෙම 6 වන ඉරිදා දින විහාරස්ථානයට පැමිණ අපත් සමගම නිර්මාණ කටයුතු කළ හැකිය.

හැඩය හා ප්රමාණය ඒක විධියටම ඒන්න ඔනද?

ඉහත දක්වා ඇති පරිදි සදහන් වන දිග පළල හෝ උසට ආසන්න වෙන අයුරින් ගැලපෙන අයුරින් සාදාගැනීමෙන ඒය වඩාත් අලංකාර වේ.

විහාරස්ථානයට ඒන විට දූ දරුවන් රැගෙන පැමිණිය හැකි ද?

දූවා දරුවන් ද මෙම කාර්යයට සහභාගි කරගැනීම යහපත් කටයුත්තකි. ඔබට හැකි වන්නේ නම් දූ දරුවන් ද රැගෙන පැමිණෙන්න.

සංකේත කීය බැගින් සූදානම් කළ යුතු ද?

දරුව‌ෙකුට ඒක බැගින් වන පරිදි සංකේක සූදානම් කරගැනීම ප්රමාණවත් වේ. ඔබ සූදානම් කිරීම බලාපොරොත්තු වන සංකේතය අපට දන්වන්න.